G-20 සමුළුව ඇරඹෙයි – අප්‍රිකානු සංගමයත් නිල වශයෙන් G20ට

18 වන G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වුණා.

අද (09) සහ හෙට (10) යන දෙදින තුළ මෙම සමුළුව පැවැත්වෙන අතර, G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි.

මෙවර සමුළුවේ දී අප්‍රිකානු සංගමය ද ස්ථිර සාමාජිකයෙකු ලෙස G-20 සාමාජික ලැයිස්තුව සඳහා එක්කර ගනු ලැබුවා.

මේ අතර 18 වන G-20 සමුළුව සඳහා රුසියාවේ ජනධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීනයේ ජනාධිපති ෂී ජින්පින් සහභාගී නොවන අතර, ඔවුන් වෙනුවෙන් නියෝජිතයින් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු පිළිබඳව G-20 නායකයින් මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?