FIFA ලෝක කුසලානයට කෝඩුකාරයින්වන කේප් වර්ඩ් කණ්ඩායමෙන් තවත් පෙරළියක්

මෙවර FIFA පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාරයින් වන කේප් වර්ඩ් කණ්ඩායම තවත් පෙරළියක් අද සිදු කළා.

ඒ, ඔවුන් මෙවර ලෝක කුසලානය තරගාවලියේ සහභාගී වූ දෙවන තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.

ප්‍රබල උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගය ගෝල දෙකට දෙකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කරන්නට ඒ අනුව කෝඩුකාර කේප් වර්ඩ් කණ්ඩායමට හැකියාව ලැබුණා.

21 වන මිනිත්තුවේ දී නිදහස් පහරකින් තරගයේ පළමු ගෝලය වාර්තා කළ කෙවින් පිනා කේප් වර්ඩ් කණ්ඩායම වෙනුවෙන් පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කළා.

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන්වීමට විනාඩි කිහිපයක් තිබිය දී මැක්සි අරවුජෝ සහ ඇගස්ටින් කැනොබියෝ
උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කළා.

නමුත් 40 හැවිරිදි උරුගුවේ ගෝල රකින්නා වන ෆර්නැන්ඩෝ මුස්ලෙරාගේ වැරැද්ද නිසා 61 වන මිනිත්තුවේ දී කේප් වර්ඩ් කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට හීලියෝ වරේලාට හැකියව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය දෙපිළටම ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිකර දෙමින් ජට පාරජයෙන් තොරව අවසන් වුණේ කෝඩුකාරයින් වන කේප් වර්ඩ් කණ්ඩායමට පිළිමළුන් පිටුදැකීමේ අදියරට ළඟාවීමේ බාලාපොරොත්තු දල්වමින්.

මෙවර පාපන්දු ලෝක කුසලාන පිටියේ තමන් පෙරළිකාර කණ්ඩායමක් බවට ඔප්පු කළ කේප් වර්ඩ් කණ්ඩායම ඔවුන්ගේ මංගල ලෝක කුසලාන තරගය ද ප්‍රබල ස්පාඤ්ඤයට එරෙහිව ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට හැකියව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16