ETI මුදල් තැන්පත්කරුවන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර

ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ තැන්පත් කළ මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය වූ වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය භාරව සිටි ප්‍රධානීන් ද පෞද්ගලිකව වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දී ඇත්තේ.

ඊට අමතරව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජුනි මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ඊ.ටී. අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා ඇතුළු පාර්ශවයන්ට නියම කර තිබෙනවා.

අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 18 වනදා සිදු කිරීමටයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පුද්ගලික මූල්‍ය ආයතනයවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ වගකීමක් බවයි.

ඊ.ටී.අයි ආයතනය තුළ විවිධ අර්බුද මතුවන බවට 2011 වසරේ සිට මහ බැංකුව දැනුවත්ව සිටිය ද ඒ සම්බන්ධයෙන් පියවරක් නොගත් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය තැන්පතු මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසටයි තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?