“Dream Destination” යටතේ නවීකරණය කළ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “Dream Destination” ව්‍යාපෘතියට අනුව නවීකරණය කෙරුණු පළමු දුම්රිය ස්ථානය වන තල්පේ දුම්රිය ස්ථානයෙහි වැඩ අවසන් කර ජනතා අයිතියට පවරා දීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සිදුවුණා.

“Dream Destination” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ පුංචිහේවා සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී සුගීෂ්වර, Dream Destination ව්‍යාපෘති අධ්‍යක්ෂ මහේෂි ගුණරත්න ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් නවීකරණය කෙරුණු තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?