DIG වෙස්ගත් පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් සභාපති

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම්දීමක් කළ බව කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව පවසමින් පසුගිය 20 වනදා පේරාදෙණිය පොලීසියට ඇමතුමක් ලබාදී විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සැකකාර ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ඊට පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම හේතුවෙන් සිසුන් කලබලයට පත්ව කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවයි සැකකරු පීඨාධිපතිවරයාට පවසා ඇත්තේ.

ඒ, අනුව වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පීඨාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

එහිදී විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන කුලපතිවරයාට භාර දී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දුරකථන ඇමතුම ගත් ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පැවසූ බව පීඨාධිපතිවරයා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?