“Crafting Ceylon” ජනපති‍ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

කර්මාන්ත අමාත්‍යාංශ‍යේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යි ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ.

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් ඒකරාශී කර අපනයනය සඳහා නිෂ්පාදනය කළ යුතු හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මෙයට සමගාමීව සංවිධානය කර තිබුණා.

එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් එක්ව සිටි ශිල්පීන් විසින් සකස් කරන ලද නිර්මාණ 2214ක් අතරින් විශිෂ්ට ශිල්පීන් සිය දෙනෙකුගේ නිර්මාණ 546ක් ජාතික විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගනු ලැබූ අතර, එසේ තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සංකේතාත්මකව සම්මාන පිරිනැමීම සිදු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට අමතරව හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආයතන දෙකකට විශේෂ සමරු තිළිණ දෙකක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා, තෝරාගත් නිර්මාණ නිරීක්ෂණය කිරීමට ද එක් වුණා.

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

මෙම අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන වර්ණවත් කරමින් ජනකලා කේන්ද්‍රයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශන දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ විශේෂ අවධානයක් ගෙන තිබුණා.

මෙලෙස තෝරාගත් නිර්මාණ විදහා දක්වමින් කේෂ්ත්‍රයේ නියැලෙන දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, ආනයනකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් විශිෂ්ට ශිල්පීන් සමඟ ව්‍යාපාරික හමුවක් සහ මහජන ප්‍රදර්ශනයක් අද සහ හෙට (24) යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ‘සෆායා බැන්කට්හි’දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?