“Crafting Ceylon” ජනපති‍ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

කර්මාන්ත අමාත්‍යාංශ‍යේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යි ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ.

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් ඒකරාශී කර අපනයනය සඳහා නිෂ්පාදනය කළ යුතු හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මෙයට සමගාමීව සංවිධානය කර තිබුණා.

එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් එක්ව සිටි ශිල්පීන් විසින් සකස් කරන ලද නිර්මාණ 2214ක් අතරින් විශිෂ්ට ශිල්පීන් සිය දෙනෙකුගේ නිර්මාණ 546ක් ජාතික විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගනු ලැබූ අතර, එසේ තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සංකේතාත්මකව සම්මාන පිරිනැමීම සිදු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට අමතරව හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආයතන දෙකකට විශේෂ සමරු තිළිණ දෙකක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා, තෝරාගත් නිර්මාණ නිරීක්ෂණය කිරීමට ද එක් වුණා.

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

මෙම අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන වර්ණවත් කරමින් ජනකලා කේන්ද්‍රයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශන දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ විශේෂ අවධානයක් ගෙන තිබුණා.

මෙලෙස තෝරාගත් නිර්මාණ විදහා දක්වමින් කේෂ්ත්‍රයේ නියැලෙන දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, ආනයනකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් විශිෂ්ට ශිල්පීන් සමඟ ව්‍යාපාරික හමුවක් සහ මහජන ප්‍රදර්ශනයක් අද සහ හෙට (24) යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ‘සෆායා බැන්කට්හි’දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48