CID භාරයට ගත් හීලෑ අලි ඇතුන් වහාම හිමිකරුවන් වෙත භාරදෙන්න – උසාවිය යළිත් මතක් කරයි

පුද්ගලයන් තිදෙනකු සන්තකයේ සිටියදී මීට වසර අටකට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කර තිබෙන නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට අද (30) නියෝග කළා.

කළුතර, අවිස්සාවෙල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටි හීලෑ අලින් තිදෙනකු 2016 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගන්නා ලද අලි තිදෙනා නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23 දින අධිකරණය මගින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළ බවයි පැවසෙන්නේ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ගුණරත්න වන්නිනායක, කනිල් මද්දුමාගේ, ප්‍රවීන් ප්‍රේමතිලක ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයන් භාරයේ සිටි අලි තිදෙනකු 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් එහි අපරාධමය වරදක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාකර ඇති බවයි.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අලි තිදෙනා අදාළ හිමිකරුවන්ට බාර දෙන ලෙසට 2023 වසරේ ඔක්තෝබර් මස 23 දින අධිකරණය මගින් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇති නමුත් ඔහු එම අලි තිදෙනා අදාළ හිමිකරුවන්ට භාරදීම පැහැර හැර අධිකරණයට අපහාසයක් කර ඇති බව ද නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව පරිසර සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති නමුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ එම නියෝගය අවලංගු කිරීමක් කර ඇති බවට කරුණු අනාවරණය නොවන බව ද නීතිඥවරු දන්වා සිටියා.

අධිකරණයක් මගින් නියෝගයක් නිකුත් කළ විගස එය ක්‍රියාත්මක කිරීමට ඕනෑම පුද්ගලයකු බැඳී සිටින නමුත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හිතාමතාම එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර අධිකරණයට අපහාසයක් කර ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළා.

අධිකරණය මගින් ලබා දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙහිදී අධිකරණයට දැනුම්දුන්නා.

අධිකරණයක් මගින් නිකුත් කර තිබෙන නියෝගයක් නැවත අත්හිටුවිය නොහැකි බව ද මේ වන විට ඒ සම්බන්ධයෙන් ලබා දී තිබෙන නියෝගය එලෙසම ක්‍රියාත්මක බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයට දැන්වුවා.

වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවති නමුත් අලි තිදෙනා අදාළ හිමිකරුවන් වෙතට නිදහස් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් වසරේ ලබා දී තිබෙන එම නියෝගය පිළිබඳව තමන් නොදැන සිටි බැවින් ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවයි.

මෙම සිද්ධියට අදාළව පරිසර සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවට අදාළව එම අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ ද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු නොවැම්බර් මස 8 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම මෙම අලි තිදෙනා මේ වන විට උඩවලව රඳවා තබා ඇති බව අධිකරණයෙන් අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23