AFC Banner
AFC Banner
Empty Ad

UPDATE: CID අත්අඩංගුවට ගත් අනුර ප්‍රියදර්ශන හා බිරිඳ උසාවියට රැගෙන එයි

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මීට ටික වේලාවකට (23) පෙර අධිකරණයට ඉදිරිපත් කළා.

——————————————

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (22) රාත්‍රියේ දී මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනුණු අතර මුල්‍ය වංචා සහ මූල්‍ය සාපරාධී පරිහරණයක් මෙන් ම පොදු දේපොළ පනත යටතේ අදාළ වරද සිදු කර ඇති බවට චෝදනා එල්ල වීම හේතුකරගෙනයි අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් අද (23) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ හතළිස් හයදහස් එකසිය දහයක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් ප්‍රශ්නයට - රිලවෙක් අල්ලගත්තා / විදුලි ප්‍රශ්නයට - වඳුරෙක් අල්ලගත්තා
03:33
Video thumbnail
ලංකාව දැන් ටින්මාලු වලින් ස්වයංපෝෂිතයි...
04:42
Video thumbnail
මිනිස්සු දැවෙන ප්‍රශ්න වලට ආණ්ඩුවේ අවධානයක් නැද්ද?
02:26
Video thumbnail
සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු ජනාධිපතිට - වැඩ බැරි බව ඔප්පු වෙලා තියෙනවා - අක්කගේ කටේ සද්දේ
07:53
Video thumbnail
මල පැනපු අපිලගේ සාදු අමු ගොයම් ගස් වළඳයි
10:24
Video thumbnail
කොල්ලන්ගේ යකඩ හීන බොඳකර ලොක්කන්ට ගේන්න යන සැපවහන
05:54
Video thumbnail
ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් ඉසුරුපාය රත්වෙයි - උලපනේ සුමංගල හිමිගෙන් ලොකු සද්ධයක්
07:15
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි ? දොලවත්ත උසාවියෙන් එළියට ඇවිත් කියයි
03:51
Video thumbnail
BREAKING NEWS 🔴ඉසුරු පාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
01:43
Video thumbnail
අද රෝහිතට හොඳටම තරහා ගිහිං
11:37

?