AFC Banner
Empty Ad
Empty Ad

Breaking News :ශ්‍රී ලංකා කණ්ඩායමේ 3කට කොවිඩ්!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩා ලෝලීන්ට කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

බංග්ලාදේශයෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ එහි ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සහ වේගපන්දු යවන පුහුණුකරු චමින්ද වාස් හටයි.

කෙසේ වෙතත් මෙය තහවුරු කර ගැනීම සඳහා තවත් PCR පරීක්ෂණයක් මේවන විට සිදුවෙමින් පවතින බව නවතම පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම අද තරගය හෝ තරගාවලිය අත්හිටුවීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

අද ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ගෙන තිබූ අතර ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු ගෙන තිබුණා.

මෙවන් පසුබිමක මෙලෙස ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ආසාදිත වීම තුළ බංග්ලාදේශය විසින් සැපයූ ජෛව ආරක්ෂක බුබුළ කොතරම් දුරට සාර්ථක ද යන්න ගැටළුවක් වී තිබෙනවා.

පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය වෙත පිටත්ව ගිය අතර එහි දී ඔවුන් දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය වෙත යාමට පෙර ද දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වී තිබුණා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන ඛලීඩ් මහමුද් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුණාගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

මේවන විට ඔහු නිවස තුළ නිරෝදායනය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු පසුගිය දා මෙරටට පැමිණි අතර එම ශ්‍රී ලංකා සංචාරය නිමා කිරීමෙන් අනතුරුව නැවත බංග්ලාදේශයට ගිය ඔහුට PCR පරීක්ෂණ දෙකක් ද සිදු කොට තිබෙනවා.

එම පරීක්ෂණ දෙකේ දී ඔහු ආසාදිත බව නොපෙන්වූවත් පසුව සිදු කළ තෙවැනි PCR පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඛලීඩ් කොවිඩ් 19 ආසාදිත බවයි.

රාමසාන් උත්සවයෙන් අනතුරුව පසුගිය මැයි 18 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කළ අතර ඛලීඩ් මහමුද් ඒ සඳහා සහභාගී වී නැහැ.කෙසේ වෙතත් දෙවන PSR පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

සබැඳි පුවත් මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?