All Blacks පළමු වරට විදෙස් තරග සංචාරයකට ශ්‍රී ලංකාවට

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර (New Zealand Under 85 KG) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් දිවයිනට පැමිණ තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (30) රාත්‍රියේ දී එම කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන්යානය රාත්‍රී 10.40ට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර සිට මෙරටට පැමිණි බවයි.

ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ නිලධාරීන් 06 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත රගර් කණ්ඩායම, ලෝකයේ ඔවුන් සිදු කරන ප්‍රථම, මංගල (Inogaral Tour ) විදේශ තරග සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.

ඔවුන් මැයි 04 වැනි දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී සහ මැයි 10 වැනි දින කොළඹ තුරග තරග පිටියේ දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?