A 9 මාර්ගයේ අද අලුයම වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනය,නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව,ගල්කන්දේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසූවේ නොරච්චෝලෙයි ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ධීවරයින් පිරිසක් ගමන්ගත් ලොරි රථයක් මාර්ගයේ නවතා තිබියදී පසුපසින් පැමිණි පොහොර පැටවු ලොරි රථයක් අදාළ ලොරි රථයේ ගැටීමෙන් අනතුරුව, ධීවරයින් සිටි ලොරි රථය මතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ධීවරයින් ලෙස කටයුතු කළ නොරොච්චෝලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් සහ අවුරුදු 43ක් වන පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළා.

අනතුරින් ධීවරයින් ගමන්ගත් ලොරි රථයේ පසුපස සිටි පිරිසක් මතට පොහොර පැටුවූ ලොරි රථය වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් ධීවරයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු වවුනියාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමාර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57