ඩුබායිවලදී ඇල්ලූ ‘හරක් කටා’ දිවයිනට රැගෙන ඒමට සැරසෙයි

ඩුබායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මෙම සතිය තුළ දී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව මේ විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වුණේ.

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ පසුගිය 11 වනදා මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට පත් වුණා.

මෙහිදී ඔහුගේ බිරිඳ බව පවසන කාන්තාවක් ද අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වුණේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මනුෂ්‍යය ඝාතනය රැසක් සම්බන්ධයෙන් ‘හරක් කටා’ට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම ඔහුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර ‘හරක් කටාගේ’ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ ඊයේ (14) පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?