ඩුබායිවලදී ඇල්ලූ ‘හරක් කටා’ දිවයිනට රැගෙන ඒමට සැරසෙයි

ඩුබායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මෙම සතිය තුළ දී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව මේ විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වුණේ.

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ පසුගිය 11 වනදා මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට පත් වුණා.

මෙහිදී ඔහුගේ බිරිඳ බව පවසන කාන්තාවක් ද අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වුණේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මනුෂ්‍යය ඝාතනය රැසක් සම්බන්ධයෙන් ‘හරක් කටා’ට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම ඔහුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර ‘හරක් කටාගේ’ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ ඊයේ (14) පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14