චෙන්නායි ගුවන්තොටේ දී ලාංකිකයින් දෙදෙනා සිදුකළ රන් කොල්ලය

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකික මගියෙකුගේ රන් භාණ්ඩ කොල්ලකෑ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා රේගු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් චෙන්නායි ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.

තමන් රේගු නිලධාරීන් ලෙස පවසා සැකකරුවන් දෙදෙනා විසින් ගුවන්තොටුපළ වෙත පැමිණි අදාල කාන්තාව පරික්ෂාකර ඇති අතර එහිදී ඇය ප්‍රමාණය ඉක්මවා ස්වර්ණාභරණ රැගෙන යන බවට පවසමින් ඇයගේ මාලය සහ වළලු රැගෙනගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාව රේගුවට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.