spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොටට එන චීන නැව ගැන ඉන්දියාව අවධානයෙන්

ලබන මාසයේ හම්බන්තොට වරායට චීන අභ්‍යවකාශ පරීක්ෂණ සහ ගවේෂණ නෞකාවක් පැමිණීමට නියමිතයි.

මෙම නෞකාව ගැන තමන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.අභ්‍යවකාශ පරික්ෂණ සහ ගවේෂණයන් සිදුකරන චීන යුවාන් වැන්ග් 5 නෞකාව එළඹෙන අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි. චිනයේ ජියෑන් ජින් වරායෙන් පිටත්ව ඇති නෞකාව මේ වන විට තායිවාන මුහුදු සීමාවේ ගමන් කරමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බගිසි මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවයි.

මාධ්‍යවේදියා – ‘‘ යුවෑන්ග් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට අගෝස්තු 11 වනද පැමිණීමට සූදානමින් සිටිනවා. ඉන්දීය රජය මෙය නිරීක්ෂණය කරනවාද?
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය – ප‍්‍රකාශක – අරින්දම් බගිසි –
ඔව් අපි අගෝස්තු මාසයේ හම්බන්තොටට එන එම නෞකාව ගැන දැනුවත්ව සිටිනවා.
ඉන්දියාව ආරක්ෂාව සහ ආර්ථිකය කෙරෙහි බලපාන කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නවා.
ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් සියලූ පියවර ගන්නවා
මම හිතන්නේ එය පැහැදිලි පණිවුඩයක්

චීන රජය මේ පිළිබද ප්‍රතිචාරයක් දක්වමින් පවසන්නේ අදාළ පාර්ශ්වයන් නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටිනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?