ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තඹ සතේකට හෝ මායිම් නොකරන ගෝඨා සහ රනිල්ට එරෙහිව සමගි ජන බලවේගය වැඩ අරඹයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට දැනුම් දුන් බව කතානායක වරයා පසුගියදා මාධ්‍ය නිවේදන මගින් සහ ප්‍රකාශන මගින් රට දැනුවත් කරන ලදී.

එය රටපුරා පැන නැගූ ජනතා අරගලයද ඉල්ලා සිටි ප්‍රධානතම ඉල්ලීමයි.

පසුගියදා රැස්වූ පක්ෂ නායකයින් ජනාධිපති වරයෙක් පත්කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්කිරීමට දින වකවානුද තීරණය කරන ලදී.

එසේ තිබියදී අද ජනාධිපතිවරයා රටින් බැහැරව ගොස් ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධූරයට පත්කොට ඇති බවත් කතානායකතුමා නිවේදනය කිරීම අතිශයින් ජනතා අභිලාෂයන් උල්ලංඝනය කිරීමක් මෙන්ම සිදු කළ ප්‍රකාශ පිළිබඳව බරපතළ ලෙස විශ්වාසය කඩ කිරීමකි. ඉල්ලා අස්වීමට පොරොන්දුවක් දෙමින් තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට කටයුතු කරමින් වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කිරීම ජනතා අභිලාෂයට සෘජුවම අභියෝග කිරීමකි.

මේ මොහොතේ ආණ්ඩුව හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවමින් නිරායුධ ජනතා අරගලය මර්දනය කිරීමට උත්සාහ දරණ බව පැහැදිලි වේ.

මෙම අනීතික උත්සාහය තුළ රට බරපතළ ව්‍යසනයකට ගොදුරු වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දෙමු. මෙය රට සාමකාමී කිරීමට නොව තවදුරටත් රට අස්ථාවර කරමින් තම බලය තහවුරු කර ගැනීමට රාජපක්ෂවරුන් දරණ උත්සාහයක් බව පැහැදිලිය.

මෙම උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම ඒකාධිපතිත්වයට අත වැනීමක් බැව් අවධාරණය කරමු.

මේ මොහොතේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සියලු භේද පසෙකලා මෙම අනීතික ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වන මෙන් අපි ඉල්ලා සිටිමු. රටේ ජන ජීවිතය, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික අර්බූදය තවදුරටත් තීව්‍ර කරමින් ආණ්ඩුව ගන්නා වූ මෙම අමනෝඥ තීරණය සහ වැඩපිළිවෙල වහා හකුළුවා ගන්නා මෙන් අපි ආණ්ඩුවට බල කරමු.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අපේක්ෂාවන් මෙන්ම රටේ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තඹ සතේකට හෝ මායිම් නොකොට මෙම ෆැසිස්ට් පන්නයේ වැඩපිළිවෙළට උපදෙස් සහ නායකත්වය ලබාදෙන වැඩබලන ජනාධිපතියයි කියාගන්නා රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාදාමයට එරෙහිවද ජනතා අභිලාෂයන් දිනවීම සඳහා ගත හැකි සෑම ක්‍රියාදාමයක් සඳහාම සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග කොන්දේසි විරහිතව එක්වෙමින් සමගි ජන බලවේගය ක්‍රියා කරන බැව් අවධාරණයෙන් ප්‍රකාශ කරමු.

SJB NNNNN
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?