ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තඹ සතේකට හෝ මායිම් නොකරන ගෝඨා සහ රනිල්ට එරෙහිව සමගි ජන බලවේගය වැඩ අරඹයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට දැනුම් දුන් බව කතානායක වරයා පසුගියදා මාධ්‍ය නිවේදන මගින් සහ ප්‍රකාශන මගින් රට දැනුවත් කරන ලදී.

එය රටපුරා පැන නැගූ ජනතා අරගලයද ඉල්ලා සිටි ප්‍රධානතම ඉල්ලීමයි.

පසුගියදා රැස්වූ පක්ෂ නායකයින් ජනාධිපති වරයෙක් පත්කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්කිරීමට දින වකවානුද තීරණය කරන ලදී.

එසේ තිබියදී අද ජනාධිපතිවරයා රටින් බැහැරව ගොස් ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධූරයට පත්කොට ඇති බවත් කතානායකතුමා නිවේදනය කිරීම අතිශයින් ජනතා අභිලාෂයන් උල්ලංඝනය කිරීමක් මෙන්ම සිදු කළ ප්‍රකාශ පිළිබඳව බරපතළ ලෙස විශ්වාසය කඩ කිරීමකි. ඉල්ලා අස්වීමට පොරොන්දුවක් දෙමින් තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට කටයුතු කරමින් වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කිරීම ජනතා අභිලාෂයට සෘජුවම අභියෝග කිරීමකි.

මේ මොහොතේ ආණ්ඩුව හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවමින් නිරායුධ ජනතා අරගලය මර්දනය කිරීමට උත්සාහ දරණ බව පැහැදිලි වේ.

මෙම අනීතික උත්සාහය තුළ රට බරපතළ ව්‍යසනයකට ගොදුරු වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දෙමු. මෙය රට සාමකාමී කිරීමට නොව තවදුරටත් රට අස්ථාවර කරමින් තම බලය තහවුරු කර ගැනීමට රාජපක්ෂවරුන් දරණ උත්සාහයක් බව පැහැදිලිය.

මෙම උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම ඒකාධිපතිත්වයට අත වැනීමක් බැව් අවධාරණය කරමු.

මේ මොහොතේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සියලු භේද පසෙකලා මෙම අනීතික ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වන මෙන් අපි ඉල්ලා සිටිමු. රටේ ජන ජීවිතය, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික අර්බූදය තවදුරටත් තීව්‍ර කරමින් ආණ්ඩුව ගන්නා වූ මෙම අමනෝඥ තීරණය සහ වැඩපිළිවෙල වහා හකුළුවා ගන්නා මෙන් අපි ආණ්ඩුවට බල කරමු.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අපේක්ෂාවන් මෙන්ම රටේ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තඹ සතේකට හෝ මායිම් නොකොට මෙම ෆැසිස්ට් පන්නයේ වැඩපිළිවෙළට උපදෙස් සහ නායකත්වය ලබාදෙන වැඩබලන ජනාධිපතියයි කියාගන්නා රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාදාමයට එරෙහිවද ජනතා අභිලාෂයන් දිනවීම සඳහා ගත හැකි සෑම ක්‍රියාදාමයක් සඳහාම සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග කොන්දේසි විරහිතව එක්වෙමින් සමගි ජන බලවේගය ක්‍රියා කරන බැව් අවධාරණයෙන් ප්‍රකාශ කරමු.

SJB NNNNN
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23