ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති තත්වය හමුවේ අපේ රට දැනටමත් බංකොලොත් වුණු රටක් වී හමාරයි.රටවැසියන් ලෙසට අපි සියලු දෙනා මේ තත්වය නිසා දැඩි පීඩනයකට මෙන්ම අසරණභාවයකට පත්ව ඇති බව නොරහසක්.
සියලු ක්ශේත්‍ර වල නියැලෙන්නන්ට මේ කාලය ඉතාමත් අපහසු කාලයක් බව පෙනී යන්නේ රටේ පවතින උග්‍ර තෙල් හිඟය,ගෑස් හිඟය ආදී මූලික අවශ්‍යතා නොමැති වීම මිනිසුන්ව දැඩි පීඩාවකට ඇද දමා තිබීම නිසයි.
මේ තත්වය හමුවේ රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද් තම instragram පිටුවෙහි කණගාටුදායක සටහනක් තබන ලද්දේ මිනිසුන් ගැන දැඩි කලකිරීමක් සමඟයි..
ඒ සටහන මෙසේයි..
හිඟ බෙහෙත වැඩි ගානට විකුණන
හිඟ ගෑස් එක වැඩි ගානට විකුණන
හිඟ තෙල් ටික වැඩි ගානට විකුණන
තෙල් නැතුව අසරණ උන එකාට මුත්‍රා විකුණන
හැමදේම දැන් ගණන් කියලා වැඩි ගානට බඩු විකුණන
තමන්ට නැති නිසා අනිත් එකාටත් නැතිවෙන්න පාරවල් වහන
තමන් අකමැති එකා මැරෙනකන් බලන් ඉන්න
එහෙම එවුන් එක්ක කොහෙද බං අරගල
එහෙම එවුන් එක්ක කොහෙද systems change
Upset එක තියෙන්නෙ දේශපාලනයේ නෙමෙයි upset එක තියෙන්නේ අපි ගාව