මීගමු කළපුවේ බෝට්ටු අනතුරක් – දෙදෙනෙක් අතුරුදන් (වීඩියෝ)

මීගමුව – මුන්නක්කර කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දියේ ගිලීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ ඔහුගේ 20 හැවිරිදි දියණිය බවයි වාර්තා වන්නේ.

අද (24) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර, ඉන් පස්දෙනෙකු බේරාගෙන තිබෙනවා.

අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.