තාවකාලිකව වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගය යළි ඇරේ

නාය යෑමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට යළි විවෘත කර තිබෙනවා.

අද (24) දිනයේ එම මාර්ගයේ එක් මංතීරුවක් මෙලෙස වාහන ගමනා ගමනයට විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම මාර්ගය පස්වරු 6.00 සිට උදෑසන 6.30 දක්වා කාලය තුළ වසා තබන බවයි බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

රාත්‍රි කාලයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වරක් නාය යාමක් සිදුවීමේ අවදානමක් පැවතීම නිසා මෙලෙස රාත්‍රී කාලයේ මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පස්සර – බිබිල මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් නාය යෑමක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ එම මාර්ගය වසා තැබුණා.