යාපනය මහ රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් මරණය ඊයේ (08) වාර්තා වූ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් පවසනවා.
යාපනය, කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව යාපනය මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එහිදී කොවිඩ් නියුමෝනියාව සහ අංශභාග රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මළ සිරුරු කොවිඩ් මළ සිරුරු අදාහන රෙගුලාසි අනුව අදාහනය කිරීමට නියමිත තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1