සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකුට කොරෝනා

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.ගුණතිලක සඳහන් කළේ ඒ අනුව තාවකාලිකව ප්‍රාදේශීය සභාව දින 21 ක කාලයක් වසා දැමීමට කටයුතු කළ බවයි.

ජා ඇල ප්‍රාදේශීය සභාවේ රියදුරන් 05 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති  බව තහවුරු වුණා. එම පිරිස අතරට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ රියදුරාද අයත්. මේ අතර, පිටබැද්දර ප්‍රදේශයේ පසුගිය 20 වැනිදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පිරිස අතරින් මනාලයා ඇතුළු  09 දෙනෙකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.අදාළ මංගල උත්සවය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකරුට, ඔහුගේ බිරිඳට, සේවකයින් දෙදෙනෙකුට සහ උත්සවයට සහභාගි වූ දෙදෙනෙකුට ද වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?