භාණ්ඩ 27 ක මිල පාලනයට වෙලාද? ඇමති ව්‍යාපාරිකයන් සමග නීති විරෝධී එකගතාවක..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වෙළද අමාත්‍යවරයා විසින් භාණ්ඩ 27 ක මිල පාලනය සදහා ව්‍යාපාරිකයන් සමග ඇතිකරගත් එකගතාවය නීති විරෝධීයි..

පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති  පාලන මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම සදහා වන එකතගාවයක් වෙළද අමාත්‍යවරයා හා  ව්‍යාපාරිකයින්  පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධි ක්‍රියාවකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව  සීනි අලෙවි  කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි  කරනු ලබන මිල රුපියල් 99.00 කි මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම හ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සදහා ද පාලන මිලක් නියම කර ඇත. ඒ අනුව   පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි. මෙම දූෂණයට එරෙහිව අප සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක්  ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

භාණ්ඩ මිල පාලනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියාමගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම අප දැඩිව හෙළ දකින අතර භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සදහා ව්‍යාපාරිකයින් අතර එකගතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27 ට පාලන මිලක් පනවා ඇති භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිල පාලනය කිරීම සදහා වෙළද අමාත්‍යවරයාට ඇති නොහැකියාම මනාව පෙන්නුම් කරන්නකි. අනෙක් අතට වෙළද අමාත්‍යවරයා සිය නිරුවත සිය අතින් වසා ගැනීමට උත්සහ කිරීමකි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළද සැළකින්ම   සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09