අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට බිලියන 200ක මුදලක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලු‍ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීමට ද මෙම කමිටුව විසින් අවධානය යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52