ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කරනු ලබන පුද්ගලයෙක් සහ ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ වැලිකඩ පොලිස් වසමේ බණ්ඩාරනායකපුර හන්දිය ප්‍රදේශයේ දී ව්‍යාජ ලෙස සකසන ලද රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු සම්බධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයෙන් පසු ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර 12ක් හා ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත් 08ක් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 32 සහ 52 වයස්වල පසුවන අංගොඩ හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
