spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට බිලියන 200ක මුදලක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලු‍ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීමට ද මෙම කමිටුව විසින් අවධානය යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?