පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවත් වසා දමයි

ඉන්ධන නොමැතිවීම නිසා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර ඇත.උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍ය වේ. නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා ඇත. අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට පාලනාධිකාරිය විසින් තීරණයකර ඇත.

  1. ගොවීන් අස්වැවැන්න කපල ඉඩම්වල තියාගෙන බලාගෙන ඉන්නව ඒව කර්මාන්ත ශාලාවට ප්‍රවාහනය කරන්න වාහනවලට ඉන්දන නැති නිසා…
    මගේ අදහස ටර්බයින් යන්ත්‍රය ඉතා ඉක්මනින් යතා තත්වයට පත්වන තුරු කැපූ උක්දඩු ප්‍රවාහනයට අවශ්‍ය ඉන්දන ප්‍රමානය ඉඩම් හිමියන් හරහා වාහන වලට ලබාදෙන වැඩපිලිවෙලක් ආයතනය මගින් ක්‍රියාත්මක කරනවනම් මේ වෙලාවෙ ගොවීන්ට ලොකු සහනයක්. මොකද කැපූ ගස් අව්වට වේලෙනව ඒවයෙ බර අඩුවෙනව ඒකෙනුත් ගොවියා පාඩු ලබනව..