spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවත් වසා දමයි

ඉන්ධන නොමැතිවීම නිසා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර ඇත.උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍ය වේ. නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා ඇත. අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට පාලනාධිකාරිය විසින් තීරණයකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?