ශ්‍රී ලංකා ප්‍රබලයින් දෙදෙනෙක් අද තරගයට නැහැ – ක්‍රිකට් ආයතනයත් ‘කහ’ වෙයි

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (24) පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විටත් තරග තුනට එකක් ලෙස තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ දී කණ්ඩයමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විවේක ගන්වා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම අද තරගයේ දී ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට සහ වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට කණ්ඩායමේ ඉඩක් වෙන්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

අද තරගයේදී ප්‍රමෝද් එක්දින වරම් දිනා ගතහොත් එක්දින වරම් හිමි වූ 205 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි ඔහු මෙරට ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් අද තරගයෙන් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර අද තරගයට නැරඹීමට කෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණීමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතිය පළකිරීම වෙනුවෙන් කහ පැහැති වර්ණයෙන් සැරසී පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් පැතිර යනවා.

එමෙන්ම අවසන් එක්දින තරගය ක්‍රීඩා කරන අද දිනයේ තම ආයතනයේ සේවකයින්ට ද කහ පැහැති වර්ණයෙන් සැරසී ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
164
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23