රත්නපුරයම කම්පා කරවූ අමානුෂික ඝාතනය

කාන්තාවක් පිහියකින් ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.27 හැවිරිදි වියේ පසුවූ එම කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවකි.මීට මාස දෙකකට පමණ පෙර ඇය විවාහ වී ඇත.මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

ඇලපාත ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ සිට සිය නිවසට යමින් සිටියදී අදාළ කාන්තාව මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත.

ඇයගේ සැමියාද එම සේවා ස්ථානයේම සේවයේ නිරතව සිට ඇති අතර ඉදින ඔහු සේවයට ගොස් නොමැත.

ඝාතනය සිදුවූ දින පස්වරුවේ එම කාන්තාවගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාලු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා සිට ඇත.

කාන්තාව විසින් එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පිහියකින් ඇයගේ සිරුරේ ස්ථාන 3කට ඇන ඇති බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබේ.

පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ලද රැගෙන සැකකරු පළාගොස් ඇත.

තම බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බැලීමත් සමඟ අදාළ කාන්තාවගේ සැමියා විසින් ඇයව රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තාවෙයි.

පොලීසිය විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති බවත් කසිප්පු පානය කිරීමට මෙලෙස මුදල් ඉල්ලා සිටි බවත්ය.පසුව සැකකරු සිදුකළ ප්‍රකාශයකට අනුව කාන්තාව ඝාතනය කළ පිහිය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළද එම ස්ථානයේ මේ වනවිට පිහිය අතුරුදන්ව තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඇලපාත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33