ඉන්දියාවෙන් ලැබුනු ආධාර දිවයින පුරා බෙදා හැරේ….

ඉන්දීයානු වැසියන්ගේ මානුෂීය පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබුනු ආධාර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙනුවෙන් බෙදාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් මෙලෙස පරිත්‍යාග වශයෙන් ලද මෙම ආධාර තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 02ක් වනවා.

මෙම ආධාර රැගත් නෞකාව පසුගිය 22වනදා දිවයිනට ළඟා වී තිබුනා.

මෙම ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක්, අත්‍යාවශ්‍ය ඖෂධ
මෙට්‍රික් ටොන් 25ක් ද ඇතුළත් වනවා.

මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ දස දහසක් සඳහා වියළි සලාක මලු ලබාදීම ආරම්භ කර
ඇති අතර වැලිමඩ, හපුතලේ සහ හල්දුම්මුල්ල වතු ආශ්‍රිත ජනතාවට ප්‍රථම අදියර යටතේ වියළි
සළාක බෙදාදීම ද සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?