ඉන්ධන හිඟය නැතිවෙන ලකුණු

මෙට්‍රි‍ක් ටොන් අනූදහසක් පමණ ඇති බොරතෙල් නැව මීට මසකට පෙර මෙරටට පැමිණ තිබුණ අතර ඒ සදහා ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙරට මුහුදේ නැංඟුරම් දමා තිබුණා. ඊයේ දිනයේ දී එය මිලදී ගෙන තිබෙනවා.

අද (28 දා) බොරතෙල් නැවේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.සපුගස්කන්ද පිරිපහදුව නැවත පිරිපහදු කටයුතු අද (28 දා) සිට ක්‍රියාත්මකයි. කළුතෙල් හා ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනය කර දින 07ක් පමණ ගත වනවිට ඩීසල් සහ පෙට්‍රල් නිපදවීම සිදුවන බව තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස පවතින නමුත් ඩීසල් සංචිතවල අඩුවක් පවතින බවයි තෙල් සංස්ථාව සදහන් කරන්නේ. මේ තත්ත්වය අනුව ඉදිරි දිනවලට ප්‍රමාණවත් ඉන්ධන පැවතියත් ජුනි මාසය සඳහා ඉන්ධන ලැබෙන ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැතැයි ද වාර්තාවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?