පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු එම ඉල්ලීමෙන් ඉල්ලා සිටින්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ඉවසීමෙන් වැඩ කරන ලෙස යි.
රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමට තම පාර්ශ්වය පැය 24 තුළම වෙහෙසෙන බව ඔහු සඳහන් කරයි.සති දෙකක කාලයක් තුළ දේශපාලන අර්බුදය නොවිසඳුනහොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවට මහ බැංකු අධිපතිවරයා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙලෙස ඉල්ලීමක් කර තිබෙනවා
