විහාර මහා දේවි උද්‍යානයේ ඉදි කළ අට්ටාලයක් නිසා උණුසුම් තත්ත්වයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (16) දිනයේ දී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් ඊයේ (16) රාත්‍රියේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

මහනුවර සිට පා ගමනින් කොළඹට වැඩම කිරීමෙන් අනතුරව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (16) දහවල් වනතෙක් රැදි සිටි භික්ෂූන් වහන්සේ පිරිස පසුව බුද්ධශාසන අමාත්‍යංශය වැඩමකර අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකද නිරත වුණා.

කෙසේ වෙතත් එම සකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන්, පසුව උන්වහන්සේලා විහාරමහා දේවි උද්‍යානය වෙත වැඩම කර එහි සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.