කොකේන් සමඟ මාට්ටු වූ කාන්තාවගේ ශරීරයෙන් කොකේන් ග්‍රෑම් 80ක් මතුවෙයි

කොල්ලුපිටිය පොලිස් වසමේ හෝටලයක් තුළ හා සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළදී පසුගිය 12 වැනිදා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත මෙහෙයුමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 46 ක් සමග විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් හා සැකකාරියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විර්මශන කටයුතු සිදුකරනවා.

අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝග පරිදි සැකකරුවන්ගේ ශරීරය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සඟවා ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා ඊයේ (16) දින කොළඹ ජාතික රෝහලේ නේවාසිකව රදවා සිදු කරන ලද පරීක්ෂාවේදී එක් සැකකාරියකගේ ශරීරයෙන් පිට කරන ලද ආවරණය වූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 80 මිලිග්‍රෑම් 09 ක් ප්‍රමාණයක් හමු වී ඇති බව පොලිසිය පවසනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.