රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන මහ බැංකු අධිපති හඩ අවධි කරයි

මේවන විට රටේ උද්ගතව ඇති තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති, නන්දලාල් වීරසිංහ මහතා අද (11) පැහැදිලි කිරීමක් සිදු කළා. රාජ්‍ය ආදායම වර්ධනය කරගැනිම අවශ්‍යම කාරණයක් බවයි ඔහු පවසන්නේ.

“රජයේ ආදායම් මදි නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මුදල් අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට ඒ ක්‍රියාවලියට යන්න වෙනවා.”
“ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.”
“රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ. පඩි ගෙවීමට නොහැකියාවක් නැහැ. රුපියල් කියන එක මහ බැංකුවෙන් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඕන ඕන විදිහට දීලා හරියන්නේ නැහැ.”
“අවශ්‍ය කරන බදු වැඩිකරලා ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට ඉක්මණින් යන්න ඕනේ.”
“සතියකට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටවත් අවශ්‍ය සංචිත දැන් අපි ළඟ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !