“පිච්චෙන අපේ රට ආදරයෙන් නිවමු” – ප්‍රචණ්ඩත්වයට තිත තබා දැවෙන අපේ රට නිවන්න දැන් එකතු වෙමු

ඊයේ ඇතිවුණු සිදුවීමත් සමග මේ වෙද්දි රටම යුද පිටියක් වී අවසානයි. ඇතමුන් ඊයේ කාලයක් තිස්සේ තමන් පීඩා විදින් වේදනාවන් පිටකරගත්තේ ප්‍රචණ්ඩත්වයකින්. එයට හේතුවුණේ ජනබලය පෙන්වීමට කියා කොළඹට ආ පිරිස සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නිසා.

දැන් අපි ඒ සියල්ල පසෙක තබා අලුතින් මේ රට තුල ආදරයෙන් ජීවත්වීමට මග සලසා ගත යුතු බව සිහි තබා ගත යුතුය.

වෛරයෙන් වෛරය නොසන්සිදේ යන බුදුන් වහන්සේගේ දහම අනුව ඔබ සියලු දෙනා ඉවසිලිවන්තව කටයුතු කිරීම සිදුකළ යුතුය.මක් නිසාද යත් දැන් ඇතැම් ප්‍රදේශවල හෝටල්වලට පහරදී නිවෙස්වලට පහරදී ඒ තුල තිබෙන භාණ්ඩ පවා සොරාගෙන යාමට සැරසී තිබේ.මෙය අපේ රටටත් මිනිසත්කමටත් නොගැලපෙන බව අපි සිහි තබා ගත යුතුය.

මේ හේතුවෙන් සියලු දෙනා ප්‍රචණ්ඩත්වය පසෙක තබා නීතීඥවරුන්ට නීතිමය කටයුතු කරගෙන යාමටත් අපේ රට විනාශ කළ දේශපාලකයන් සහ අනෙකුත් නිලධාරීන් නීතිය හමුවට ගෙනවිත් නීතියෙන් දඩුවම් දීමටත් මග සැලසිය යුතුය. නිතීඥවරුන්ද පවසන්නේ මේ අවස්ථාවේ ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළහොත් එවන් පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ද පෙනී නොසිට සියල්ලෙන්ම ඈත්ව සිටින බවයි.එම නිසා සියළු දෙනා ඉවසිලිවන්තව නීතීඥවරුන්ට සහය ලබාදී කටයුතු කිරීමට පෙලගැසෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?