“පිච්චෙන අපේ රට ආදරයෙන් නිවමු” – ප්‍රචණ්ඩත්වයට තිත තබා දැවෙන අපේ රට නිවන්න දැන් එකතු වෙමු

ඊයේ ඇතිවුණු සිදුවීමත් සමග මේ වෙද්දි රටම යුද පිටියක් වී අවසානයි. ඇතමුන් ඊයේ කාලයක් තිස්සේ තමන් පීඩා විදින් වේදනාවන් පිටකරගත්තේ ප්‍රචණ්ඩත්වයකින්. එයට හේතුවුණේ ජනබලය පෙන්වීමට කියා කොළඹට ආ පිරිස සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නිසා.

දැන් අපි ඒ සියල්ල පසෙක තබා අලුතින් මේ රට තුල ආදරයෙන් ජීවත්වීමට මග සලසා ගත යුතු බව සිහි තබා ගත යුතුය.

වෛරයෙන් වෛරය නොසන්සිදේ යන බුදුන් වහන්සේගේ දහම අනුව ඔබ සියලු දෙනා ඉවසිලිවන්තව කටයුතු කිරීම සිදුකළ යුතුය.මක් නිසාද යත් දැන් ඇතැම් ප්‍රදේශවල හෝටල්වලට පහරදී නිවෙස්වලට පහරදී ඒ තුල තිබෙන භාණ්ඩ පවා සොරාගෙන යාමට සැරසී තිබේ.මෙය අපේ රටටත් මිනිසත්කමටත් නොගැලපෙන බව අපි සිහි තබා ගත යුතුය.

මේ හේතුවෙන් සියලු දෙනා ප්‍රචණ්ඩත්වය පසෙක තබා නීතීඥවරුන්ට නීතිමය කටයුතු කරගෙන යාමටත් අපේ රට විනාශ කළ දේශපාලකයන් සහ අනෙකුත් නිලධාරීන් නීතිය හමුවට ගෙනවිත් නීතියෙන් දඩුවම් දීමටත් මග සැලසිය යුතුය. නිතීඥවරුන්ද පවසන්නේ මේ අවස්ථාවේ ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළහොත් එවන් පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ද පෙනී නොසිට සියල්ලෙන්ම ඈත්ව සිටින බවයි.එම නිසා සියළු දෙනා ඉවසිලිවන්තව නීතීඥවරුන්ට සහය ලබාදී කටයුතු කිරීමට පෙලගැසෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48