ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එහිදි කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එදින සිට මැයි මස පළමු වැනි දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරයි.

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?