AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් ඉන්ධන විකුණන පුද්ගලයින්ට පොලිසියෙන් රතු එළියක්

නිසි බලධරයෙකුගේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන එකතුකර ගනිමින් එය ජාවාරමක් ලෙස සිදුකරන බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා මේ සම්බන්ධයෙන් වැටලීම් 68ක් සිදු කර ඇති අතර එහිදී පෙට්‍රල් ලීටර් 8,025ක්, ඩීසල් ලීටර් 726ක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම අවසර නොමැතිව භූමිතෙල් වැනි ඉන්ධන අලෙවි කරන ස්ථාන ද වටලා එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?