ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

එහිදී නිලධාරීන් සහ ජාතික පුහුණුකරු අතර සාධනීය අදහස් හුවමාරු වූ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීමටත්, දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරඟාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 08 ක් හා උපරිම කණ්ඩායම් 14 ක් ලෙස පවත්වාගෙන යාමටත් යෝජනා වී තිබෙනවා. 

නව සුපිරි පළාත් තරඟාවලියක් සංවිධාන කිරීම සහ කණ්ඩායම් 05 ක් ඊට එක් කිරීම ද, ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක්. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනාගැනීම, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේදී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද යෝජනා වී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ සහ සහායකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම ද තවත් යෝජනාවක්. 

තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී ඒ සඳහා ක්‍රියාකාරී හා සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් සමත් වීමට කමිටුවක් පත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබෙනවා.

එම සාකච්ඡාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ජාතික පුහුණුකරු මිකී ආතර්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළපෙලේ නිලධාරීව් පිරිසක් එක්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46