ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

එහිදී නිලධාරීන් සහ ජාතික පුහුණුකරු අතර සාධනීය අදහස් හුවමාරු වූ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීමටත්, දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරඟාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 08 ක් හා උපරිම කණ්ඩායම් 14 ක් ලෙස පවත්වාගෙන යාමටත් යෝජනා වී තිබෙනවා. 

නව සුපිරි පළාත් තරඟාවලියක් සංවිධාන කිරීම සහ කණ්ඩායම් 05 ක් ඊට එක් කිරීම ද, ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක්. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනාගැනීම, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේදී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද යෝජනා වී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ සහ සහායකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම ද තවත් යෝජනාවක්. 

තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී ඒ සඳහා ක්‍රියාකාරී හා සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් සමත් වීමට කමිටුවක් පත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබෙනවා.

එම සාකච්ඡාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ජාතික පුහුණුකරු මිකී ආතර්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළපෙලේ නිලධාරීව් පිරිසක් එක්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?