AFC Banner
Empty Ad
Empty Ad

අගමැති මහින්දගේ රුව ඇති නෝට්ටුව නිසා සිදුවූ අකරතැබ්බය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළෙඳ සලකට දුන් පුද්ගලයෙකුට අදාළ වෙළෙඳ සල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑම හේතුවෙන් උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

යාපනය නගරයේ පිහිටි සාප්පුවකට ගිය පුද්ගලයෙකු යමක් මිල දී ගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මුදල් නෝට්ටුවක් ලබා දීමත් සමග වෙළෙඳ සල් හිමියා මුදල් නෝට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදී එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇති බවයි.

අනතුරුව අදාළ පුද්ගලයා ද වෙළෙඳ හිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසල් හිමියන් ද එම ස්ථානයට පැමිණීම ත් සමග එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

අනතුරුව අසල්වැසි වෙළෙඳසල් හිමියන් විසින් තත්ත්වය පාලනය කර තිබෙනවා.

රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා හේතුවෙන් එම පුද්ගලයා අදාළ මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළෙඳ සලකට ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කර ඔහු එම ස්ථානයෙන් පිටත් කර යැවීමට සෙසු වෙළෙඳ සල් හිමියන් පියවර ගත් බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?