අගමැති මහින්දගේ රුව ඇති නෝට්ටුව නිසා සිදුවූ අකරතැබ්බය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළෙඳ සලකට දුන් පුද්ගලයෙකුට අදාළ වෙළෙඳ සල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑම හේතුවෙන් උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

යාපනය නගරයේ පිහිටි සාප්පුවකට ගිය පුද්ගලයෙකු යමක් මිල දී ගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මුදල් නෝට්ටුවක් ලබා දීමත් සමග වෙළෙඳ සල් හිමියා මුදල් නෝට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදී එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇති බවයි.

අනතුරුව අදාළ පුද්ගලයා ද වෙළෙඳ හිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසල් හිමියන් ද එම ස්ථානයට පැමිණීම ත් සමග එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

අනතුරුව අසල්වැසි වෙළෙඳසල් හිමියන් විසින් තත්ත්වය පාලනය කර තිබෙනවා.

රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා හේතුවෙන් එම පුද්ගලයා අදාළ මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළෙඳ සලකට ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කර ඔහු එම ස්ථානයෙන් පිටත් කර යැවීමට සෙසු වෙළෙඳ සල් හිමියන් පියවර ගත් බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04