කුවේටයෙන් ගෙන්වා නිරෝධායනය නොකළ මිල අධික පක්ෂීන් 14 ක් නාත්තන්ඩියේදී පොලිස් භාරයට

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වූ මිල අධික පක්ෂීන් හැට දෙදෙනෙකු අතරින් නිරෝධායනයට යොමු නොකර, හොර රහසේ අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු සොයා ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා.

ඒ නාත්තන්ඩිය – දුනකදෙණිය ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි.

පක්ෂීන් මෙරටට ආනයනය කිරීමේදී 1992 අංක 59 දරණ සත්ත්ව රෝග ආඥා පනත අනුව එම පක්ෂීන් කටුනායක – නයිකන්දේ පිහිටි සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ යුතු වනවා.

ඒ අනුව මෙම පක්ෂීන් ද මාසයක කාලයක් එහි රඳවා තැබිය යුතු වූවත්, එහිදී අදාළ පක්ෂීන් හැට දෙදෙනාගෙන් නිරෝධායනයට යොමුකර ඇත්තේ පක්ෂීන් 42 දෙනෙකු පමණයි.

එයද පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව සිදුකර ඇති බව අනාවරණ වනවා.

ඉතිරි පක්ෂීන් 20 දෙනා යුගලක් රුපියල් තුන්ලක්ෂ 50,000 බැගින් අලෙවි කර ඇති අතර, එලෙස අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු මෙලෙස සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඉතිරි පක්ෂීන් 6 දෙනා වෙනත් පාර්ශවයකට ඒ වනවිටත් අලෙවි කර ඇති බව සඳහන්.

ඒ අනුව එම පක්ෂීන් මෙරටට ගෙන්වූ මහනුවර – නුගවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22