AFC Banner
Empty Ad
Empty Ad

ඇමති සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුවෙයි

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ඒ ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පැමිණ සිටියා.

මීට පෙර තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකදී කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ද අමාත්‍ය සී බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුව සිටියා. කෙසේවෙතත් එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලින් අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?