මංගල උත්සවයේ දී මනාලියගේ සොයුරා හදිස්සියේ මියයයි

මංගල උත්සවයක් අතරතුර මනාලියගේ සහෝදරයා හදිස්සියේ මිය ගිය පුවතක් පසුගියදා පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අවුරුදු 38ක තිදරු පියෙකු වන ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තම නැගණියගේ මංගල උත්සවය සඳහා පිළියන්දල වෑවල ප්‍රදේශයේ උත්සව ශාලාවකට ගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේදී හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිට ඇති අතර උත්සවය අතර තුර ඔහු හදිසියේ ඇඳ වැටී ඇත.

මොහු පිළියන්දල දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර එලෙස රැගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මළසිරුර පී.සී.ආර්. පරික්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ යොමු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මෙලෙස මිය ගොස් ඇති බවයි.

පිළියන්දල පොලිසිය විසින් මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22