නුවරඑළියට සංචාරක කලාපයක්

හග්ගල උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක කලාපයක් බවට පත් කෙරේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු වලට කඩිනම් විසදුම්.

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවත් වනජීවි, වනසංරක්ෂණ, පුරා විද්‍යා වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රදවා ගැනීමට ව්‍යාපෘතියේ අරමුණ බව ද සදහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණ.

මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 318 ක් හදුනාගෙන ඇති බවයි. නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කළාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කෙරේ. නුවරඑළිය, ලියන්වෙල හා ලක්ෂපාන ගම්මාන ආශ්‍රිත ව ප්‍රජා සංචාරක ගම්මාන 03ක් ද ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි. හග්ගල උද්භිද උද්‍යාන ආශ්‍රිත ව පරිසර හිතකාමී සංචාරක කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට ද අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දී කීවේය.

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා යුරෝ මිලියන 52 ක මුදලක් වැය කෙරෙන අතර ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ඇමති සි.බි.රත්නායක මහතා මෙහි දි සදහන් කළේ දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අක්කර දහසක් පමණ වතු සමාගම් විසින් අනවසරෙන් පරිහරණය කරන බවද මෙහි දී අනාවරණය විය. මේ සදහා වැවිලි, ඉඩම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාංශු සංරක්ෂණ කටයුතු සදහා මිලියන 10 ක් වෙන් කිරීමට පියවර ගැණින.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 200ක පවුල් නගා සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් සමෘද්ධි ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කෙරේ. ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ව්‍යාවසායක හැකියාව ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටළු විසදීම සදහා කඩිනම් පියවර ගැනීමට ද මෙහි දී තීරණය කෙරිණි. රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා කීවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බස්රථ 100 බැගින් ගෙන්වීමට තීරණය කර ඇති බවයි. ඊට වැඩි සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රවාහන කටයුතු සදහා ලබාදීමට රාජ්‍ය ඇමතිවරයා මෙහි දී එකගතාවය පළ කළේය.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය සදහා ද පියවර ගැනේ. පොහොර භාවිතය විධිමත් කිරීම, කල් තබා ගැනීමේ තාක්ෂණය ප්‍රවර්ධනය, පසු අස්වනු හානිය අවම කිරීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ලබන මාසයේ සිට දුම්රියෙන් එළවළු ප්‍රවාහනය ආරම්භ කිරීමට රජය සුදානම් බවයි. ඒ අනුව නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහන කටයුතු ආරම්භ කරන බව ද ඇමතිවරයා කීවේය.

මෙම රැස්වීමට එස්.වියලේන්ද්‍රන්, දිළුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ සියළුම දිස්ත්‍රික් ලේකම්වරු ද එක් ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22