AFC Banner
Empty Ad
Empty Ad

Facebook පාවිච්චි කරන ඔයාට සුබ පණිවිඩයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය මෙරට පරිශීලකයින්ට හෙට සිට හිමිවන බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව වන බවයි .

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර රටපුරා විහිදී ඇති රුධිර බැංකු 24ක් මෙම නව විශේෂාංගය සමග එක් කොට තිබෙනවා.

වයස අවුරුදු 18-55 දක්වා වන පරිශීලකයින් හට හෙට සිට මෙම නව විශේෂාංගය සමග ලියාපදිංචිවීමට අවසරය ලැබෙන අතර රුධිර පරිත්‍යාගය කිරීම් සහ රුධිර අවශ්‍යතාවයන් සම්බන්ධ ඉල්ලීම් ඒ හරහා ලැබීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?