AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන සමාගමක ආසාදිතයන් 10ක් හඳුනාගැනේ

පුද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවේ දස දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීම නිසා එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.

එම ශාකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කර ඇත අනතුරුව ලැබුන ප්‍රතිපල මත 10 දෙනෙකු ආසාදිත බව හඳුනා ගැනුනා. මේබව ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

එම ශාඛාවේ 31 දෙනෙකු සේවය කරන අතර අන්ටිජන් පරික්ෂාවට ලක්කර පිරිස හැර සෙසු සියලු දෙනා PCR පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත. එසේම ඔවුන් රැදී සිටින ස්ථානයේදී ම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?