වතු කම්කරු වැටුප 1000 කරන්න ජනපති උපදෙස්

වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට අද (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද උපදෙස් දී ඇත.

මේ අතර ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ නම් මහා භාන්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉන්ධන බදු අඩු කිරීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා ඛණිජ තෙල් ඇමති උයද ගම්මන්පිල මහතාට උපදෙස් දී ඇත.

ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 54ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතුව ඇතැයි ගම්මන්පිළ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබිණි.

මේ අතර දේශපාලන පළිගැනීම් මත යැයි කියමින් සිදුකරන්නට යන පොලිස් උසස්වීම් වහා නතර කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

දේශපාලන පළිගැනීම් සඳහා සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් පොලිසියේ උසස්වීම් ලබාදීමට යන බවට පැතිර යන ආරංචි හේතූවෙන් පොලිසිය තුළද යම් කැළබීමක් ඇතිවී තිබෙන බවට මහජන ආරක්‍ෂක ඇමති රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් රැස්වීමේදී කළ දැනුම්දීමක් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28