වතු කම්කරු වැටුප 1000 කරන්න ජනපති උපදෙස්

වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට අද (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද උපදෙස් දී ඇත.

මේ අතර ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ නම් මහා භාන්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉන්ධන බදු අඩු කිරීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා ඛණිජ තෙල් ඇමති උයද ගම්මන්පිල මහතාට උපදෙස් දී ඇත.

ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 54ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතුව ඇතැයි ගම්මන්පිළ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබිණි.

මේ අතර දේශපාලන පළිගැනීම් මත යැයි කියමින් සිදුකරන්නට යන පොලිස් උසස්වීම් වහා නතර කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

දේශපාලන පළිගැනීම් සඳහා සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් පොලිසියේ උසස්වීම් ලබාදීමට යන බවට පැතිර යන ආරංචි හේතූවෙන් පොලිසිය තුළද යම් කැළබීමක් ඇතිවී තිබෙන බවට මහජන ආරක්‍ෂක ඇමති රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් රැස්වීමේදී කළ දැනුම්දීමක් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?